Lanka Buddhist News

ඔබගේ ප්‍රදේශයේ,විහාරස්ථානයේ සිදුකෙරෙන බොදු පින්කම් පිලිබද විස්තර අපට දන්වන්න..නොමිලේ අපගේ Lanka Buddhist News වෙබ් අඩවියේ පලකරන්න...Tel 0716 524 089

ආදිවාසීන්ටත් අල්ලස් දී අන්‍යාගමිකරණය කරති
අල්ලස් දී සිදු කෙරෙන අන්‍යාගමිකරණයට ආදිවාසී ජනතාව ද ගොදුරක්ව ඇතැයි නවතම පර්යේෂණයකින් හෙළිව ඇත. මෙම පර්යේෂණය සිදු කරන ලද්දේ කොළඹ විශ්වවිද්‍යාලයේ සාමාජයීය විද්‍යා පීඨය විසිනි.
මෙම තත්වය වඩාත් දරුණු වී ඇත්තේ රතුගල, පොල්ලේබැද්ද සහ වාකරේ යන ප‍්‍රදේශවල බවද එම විශ්වවිද්‍යාලයේ සාමාජයීය විද්‍යා පීඨයේ අංශාධිපති මහාචාර්ය පේ‍්‍රමකුමාර ද සිල්වා ප‍්‍රකාශ කරයි. ආදිවාසීන්ගෙන් බහුතරයකට ඔවුන්ගේ අනන්‍ය බස කථා කිරීමට නොහැකි වීම පර්යේෂණයේදී හඳුනාගත් තවත් ගැටලූවක් බවද හෙළි වී ඇත.
මෙන්ම ආදිවාසීන්ගේ සාම්ප‍්‍රදායික වත් පිළිවෙත් ඉටු කිරීම සඳහා පවතින බාධාවන් ද ඉවත් කළ යුතු බව පර්යේෂණ කණ්ඩායම පවසයි.
පාරම්පරික වාසභූමි රක්ෂිත කලාප ලෙස නම් කිරීම නිසාද ආදිවාසීන් පීඩාවට පත්ව සිටී. කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජයීය විද්‍යාපීඨයෙන් කෙරුණු පර්යේෂණයේදී හෙළිව ඇත්තේ දඹාන හෙන්නානිගල පොල්ලේබැද්ද සහ රතුගල ආදිවාසීන් මේ නිසා වඩාත් පීඩාවට පත්ව සිටින බවයි.

පර්යේෂණය සඳහා සංස්කාතික කටයුතු අමාත්‍යංශයේද අනුග‍්‍රාහය ලැබී ඇත.

පිටු 390 කින් යුත් එම පර්යේෂණයේ වාර්තාව ජනපති මහින්ද රාජපක්ෂ වෙත අද භාර දීමට නියමිතයි. ලෝක ආදීවාසි දිනය ද අදට යෙදී තිබේ. ජාතික උත්සවය ජනපතිගේ ප‍්‍රධානත්වයෙන් වාකරයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ අතර ශ‍්‍රී ලංකාවේ වෙසෙන සියලූ ආදිවාසි ජන කොටස් සහ විදේශීය ආදිවාසි ජන කොටස්වල නියෝජිතයන්ගේ ද සහභාගිත්වයෙන් ආදිවාසින්ගේ වරිග සභාව වාකරේදී ඊයේ රාති‍්‍රයේදී රැස් විය.



Picture
බුදුරජාණන් වහන්සේගේ සර්වඥධාතුන් වහන්සේලා මාලබේ මහමෙව්නා අසපුවේදී දෙව් මිනිස් වන්දනාව උදෙසා පොසොන් මස 16 සිට 19 දක්වා ප්‍රදර්ශනය කෙරේ.

Picture
අනුරාධපුර රුවන්මැලි මහා සෑ සමිඳුන් අභියස 2011.06.4වන දින සර්ව රාත්‍රිකව ශ්‍රි කල්යාණි  යෝගාශ්‍රම සංස්ථා ප්‍රධාන අනුශාසක දුරන්ධර ත්‍රිපිටකාචාර්ය, මහා කම්මට්ඨනාචාර්ය අති පූජනීය නාඋයනේ අරියධම්ම මහා ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් පෑවෑත්වුනු ස්වර්ණමාලී මහා ථූපාභිවන්දනා පිංකම ජායාරූප http://www.ariyamagga.org/buddhist-pictures/?shashin_album_key=47